සජබ රැක ගන්න පක්‍ෂ සාමාජිකයින්ගේ විරෝධතාවක් (08) දා

සමඟි ජනබලවේග පක්‍ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට එළඹෙන (08) වැනිදා සමඟි ජන බලවේග පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකයින් විසින් “රනිල්ගේ ගැටයට හසු නොවන්නට” මැයෙන් සමඟි ජනබලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය සන්ධානගතවීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග පවසනු ලබයි.

මෙම සන්ධාන සාකච්ඡා සමඟි ජනබලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමඟි ජන බලවේග පක්‍ෂය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අටවා ඇති ‍උගුලක් බවත්, පක්‍ෂ දෙක අතර සාකච්ඡා දිගින් දිගට ගෙනගොස් සමගි ජනබලවේග පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂය වෙත එක්කර ගැනීමේ සූදානමක් ඇති බවත්, නිශ්චිත ඡන්ද පදනමක් නොමැති එක්සත් ජාතික පක්‍ෂය සමඟි ජනබලවේග පක්‍ෂය බිල්ලට දී ගම් මට්ටමේ ඡන්ද ලබා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇති අතර සමඟි ජනබලවේග පක්‍ෂයට ආදරය කරනු ලබන සියලු පාක්‍ෂිකයින්ට ඒ සදහා සහභාගිවීමට සංවිධායකයින් විසින් විවෘත ආරාධනා කරනු ලබයි.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන