සජබ රැක ගන්න පක්‍ෂ සාමාජිකයින්ගේ විරෝධතාවක් (08) දා

සමඟි ජනබලවේග පක්‍ෂ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට එළඹෙන (08) වැනිදා සමඟි ජන බලවේග පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකයින් විසින් “රනිල්ගේ ගැටයට හසු නොවන්නට” මැයෙන් සමඟි ජනබලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය සන්ධානගතවීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග පවසනු ලබයි.

මෙම සන්ධාන සාකච්ඡා සමඟි ජනබලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමඟි ජන බලවේග පක්‍ෂය විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අටවා ඇති ‍උගුලක් බවත්, පක්‍ෂ දෙක අතර සාකච්ඡා දිගින් දිගට ගෙනගොස් සමගි ජනබලවේග පක්‍ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්‍ෂය වෙත එක්කර ගැනීමේ සූදානමක් ඇති බවත්, නිශ්චිත ඡන්ද පදනමක් නොමැති එක්සත් ජාතික පක්‍ෂය සමඟි ජනබලවේග පක්‍ෂය බිල්ලට දී ගම් මට්ටමේ ඡන්ද ලබා ගැනීමට උත්සාහ දරන බවට චෝදනා කරමින් මෙම විරෝධතාවය පැවැත්වීමට නියමිතව ඇති අතර සමඟි ජනබලවේග පක්‍ෂයට ආදරය කරනු ලබන සියලු පාක්‍ෂිකයින්ට ඒ සදහා සහභාගිවීමට සංවිධායකයින් විසින් විවෘත ආරාධනා කරනු ලබයි.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව