පාර්ලිමේන්තුවේ සියුම් විමර්ශනයක්…

පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට ලිංගික අතවර සිදුවන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුව පත්කිරීම, කථානායක ජගත් වික්‍රමරත්නගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න විසින් සිදු කරන ලදී.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත්තේ, සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි.

එහිදී, මන්ත්‍රීවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සේවිකාවන්ට ලිංගික හිරිහැර කරන බවට වාර්තා ලැබී ඇති අතර, පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රතික්‍රියාවක් ලෙස සමහර නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවත් සමහර නිලධාරින් අනිවාර්ය විශ්‍රාම යන ලෙස නියෝග කර ඇති බවත්ය.

කථානායකවරයා, මෙම සිදුවීම් සම්බන්ධයෙන් සියුම් විමර්ශනයක් පවත්වා, අවශ්‍ය පියවර ගන්නා බවට සදහන් කරන ලදි.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව