කොස්ලන්දේදී පුද්ගල ඝාතනයක්

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පොලිසිය සදහන් කලේ ඝාතනයට ලක්වු 36 හැවිදිරි පුද්ගලයා පසුගිය 18 වැනිදා සිට අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබු බවයි.

පසුව , සිදුකල විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ එම පුද්ගලයා 45 හැවිදිරි තවත් පුද්ගලයෙකු සමග හාමුදුරුකන්ද ප්‍රදේශයට ගොස් ඇති බවයි.

එම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කර ඇති අතර අතුරුදන්වූ පුද්ගලයාගේ ගෙල කපා හිස කොටස වළ දැමු බව ඔහු  පාපොච්චාරණය කර තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වු පුද්ගලයාගේ හිස සහ කඳ කොටස පොලිසිය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබේ. 

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව