කොස්ලන්දේදී පුද්ගල ඝාතනයක්

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර තිබෙනවා.

පොලිසිය සදහන් කලේ ඝාතනයට ලක්වු 36 හැවිදිරි පුද්ගලයා පසුගිය 18 වැනිදා සිට අතුරුදන් බවට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී තිබු බවයි.

පසුව , සිදුකල විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ එම පුද්ගලයා 45 හැවිදිරි තවත් පුද්ගලයෙකු සමග හාමුදුරුකන්ද ප්‍රදේශයට ගොස් ඇති බවයි.

එම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන  ප්‍රශ්න කර ඇති අතර අතුරුදන්වූ පුද්ගලයාගේ ගෙල කපා හිස කොටස වළ දැමු බව ඔහු  පාපොච්චාරණය කර තිබේ.

ඒ අනුව ඝාතනයට ලක්වු පුද්ගලයාගේ හිස සහ කඳ කොටස පොලිසිය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබේ. 

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන