ඉදිරියේදී කාටවත් හිතුන පලියට රෝහල්වලට උදවු බෑ..- අපේක්‍ෂා රෝහලට පරිත්‍යාග කල ඒකකය විවෘත කරමින් නලින්ද..

කතරගම දෙවියන් නොව තිස්තුන් කෝටියක් දෙවියන් දුන්නාටද වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් සෑම වසරකම සෞඛ්‍ය වෙනුවෙන් මුදල් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඉදිරියට දේශපාලන උවමනා මත හෝ සිතේ ඇතිවන සිතිවිල්ලක් අනුව රෝහලකට උදව් කිරීමට නොහැකි බවද හෙතෙම පැවසුවේය.

මෙරට රජයේ රෝහලක් තුළ ඉදි කරනු ලැබූ පළමු හා එකම ඇටමිදුළු හා රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකය මහරගම අපේක්ෂා රෝහලේදි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

මෙම ඒකකය ඉදිකරන ලද්දේ රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයනි.

“සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ සාමාන්‍යයෙන් ඕනෑම රජයක් ඉල්ලුවොත් මුදල් දෙන තැනක්. කතරගම දෙයියෝ නෙමෙයි තිස්තුන් කෝටියක් දෙවිවරු දෙනවාට වඩා වැඩි මුදලක් භාණ්ඩාගාරයෙන් හැම වසරකම වෙන් කරනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශීය ධානපතියන් හරහා ඒ වගේම අපේ අමාත්‍යාංශය හරහා විදේශීය ජාත්‍යන්තර ආයතනවල අනුග්‍රහය යම් යම් කාලවලදී ලැබෙනවා. අපි කරන්න සුදානම් වෙන්නේ මේ සියලු ප්‍රතිපාදන යම් ආකාරයකට විධිමත්ව, සැලසුම් සහගතව යෙදවීමට කටයුතු කරන එක.

මින් ඉදිරියට දේශපාලන උවමනාව මත හෝ කාට හරි රෝහලක් බලලා හිතේ ඇති වෙන සංවේදී සිතුවිල්ලට උදව් කරන්න බෑ. ඉදිරි අවුරුදු 20 ගැන සළකලා බලලා ජාතික සැලැස්මක් අනුව තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ.

අපේ මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ ප්‍රදේශයේ රෝහල මහ රෝහලක්, ජාතික රෝහලක් දක්වා දියුණු කරගන්න හීන තියෙන්න පුළුවන්. නමුත් ඒ හීන කොතරම් ජාතික සැලැස්ම එක්ක ගැලපෙනවා ද කියන එක සලකා බලමින් තමා මෙතැනින් එහාට අපි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව