T20 සුපිරිම ජයක් ඉන්දියාවට

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි 5වන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද ලකුණු 150ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාත්‍රියේදී හැකිවිය.

මෙය ජාත්‍යන්තර විස්සයි20 තරගයකදී පූර්ණ සාමාජික රටක් ලකුණු පරතරය අනුව ලැබූ දෙවන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.
 
වන්කඩේහිදී පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 247ට පිළිතුරු ලෙස එංගලන්තයට පන්දුවාර 10.3කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 97ක් පමණි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිතර වූ අභිෂේක් ෂර්මා පන්දු 54කට පමණක් මුහුණදෙමින් ලකුණු 135ක් රැස්කිරීමට සමත් විය.

මෙය අභිෂේක් රැස්කළ දෙවන විස්සයි20 ශතකයද විය.

එමෙන්ම ඔහුගේ ඉනිම ඉන්දීය පිතිකරුවෙකු විස්සයි20 තරගයකදී ක්‍රීඩාකළ ඉහළම ඉනිම ලෙස වාර්තා අතරට එක්විය.

මීට පෙර මෙම වාර්තාව ශුබ්මන් ගිල් සතුව තිබුණි. ඔහු ලකුණු 126ක් රැස්කර තිබුණි.

ඔහුගේ ඉනිමට හයේ පහර 13ක් හා හතරේ පහර 7ක් ඇතුළත් විය.

මෙහිදී අභිෂේක් එල්ලකළ හයේ සංඛ්‍යාව සැලකෙන්නේ ද, ඉන්දියාව වෙනුවෙන් විස්සයි20 තරගයකදී පිතිකරුවෙකු එල්ලකළ වැඩිම හයේ සංඛ්‍යාව ලෙසින්ය.

ඔහු විසින් බිඳහෙළනු ලැබුවේ රෝහිත් ශර්මා විසින් හයේ 10ක් එල්ලකර පිහිටුවා තිබූ වාර්තාවයි.

ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය තරග 4-1ක් ලෙසින් ඉන්දියාව පහසුවෙන්ම ජයගත්තේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව