S&P ලංකාව ඉහල නොදමයි.. ශ‍්‍රී ලන්කන් ප‍්‍රතිව්‍යුහගත කරන්න කියයි..

ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

ඒ මීට පෙර මූඩිස් සහ ෆිච් රේටින් ආයතන දෙක විසින්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

අදාල බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර කළ පසු විදේශ මුදල් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ණය බරතාවය හේතුවෙන් පුද්ගලීකරණය කිරීමට පැවති රජය සැලසුම් කර තිබූ අතර නව රජය පත්වීමත් සමග එම සැලසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා රජය යටතේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව