S&P ලංකාව ඉහල නොදමයි.. ශ‍්‍රී ලන්කන් ප‍්‍රතිව්‍යුහගත කරන්න කියයි..

ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

ඒ මීට පෙර මූඩිස් සහ ෆිච් රේටින් ආයතන දෙක විසින්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇති පසුබිමකයි.

කෙසේ වෙතත් ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

අදාල බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර කළ පසු විදේශ මුදල් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ණය බරතාවය හේතුවෙන් පුද්ගලීකරණය කිරීමට පැවති රජය සැලසුම් කර තිබූ අතර නව රජය පත්වීමත් සමග එම සැලසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා රජය යටතේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන