LTTE සැමරුම් සිදුකළ නොහැකි බවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

LTTE සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයේ ලාංඡන, නිල ඇඳුම් හෝ සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට හැකියාවක් නොමැති බවය.

කෙසේවෙතත් යුද්ධයෙන් මියගිය තම ඥාතීන් සිහිකිරීමට උතුරේ ජනතාවට බාධාවක් නොමැති බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

“නීතියානුකූලව තමන්ගේ ඥාතියෙක් මියගියාම සමරන්න ඉඩකඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. LTTE ලාංඡනය යටතේ ඒ පින්තූර භාවිත කරමින්. රටේ නීතියක් තියෙනවා. නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි උතුරේ, දකුණේ, නැගෙනහිර හෝ කඳුරට වේවා තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිකිරීමේ අයිතිය තිබෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනත් තිබෙනවා. ඒත් අපි රටට අවධාරණය කරනවා LTTE සංවිධානය තහනම් සංවිධානයක් ඔවුන්ට ඉඩකඩක් නෑ ඒ වෙනුවෙන් සැමරුම් කරන්න.”

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

මේ අතර මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා ඊයේ (25) සිය ධුරයේ රාජකාරී ආරම්භ කරනු ලැබීය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව