IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

වර්ථමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අමාරි කලම්බෝ හෝටල් ජාලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි.

එහි අධිපතිත්වය දරනුයේ විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතා විසිනි.  

එම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.

එහිදි අදහස් දක්මින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

“මේ රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත්  IMF සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා.”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව