Exclusive : කතානායක උපාධියේ විස්තර හෙලි කරයි..

කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන සංවාදයට ඔහු බීබීසී පුවත් සේවයට අදහස් පළ කර තිබේ.

බීබීසී සිංහල සේවය අදාළ තොරතුරු වාර්තා කර ඇත්තේ මෙසේය.

******

කතානායක අශෝක රන්වල දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසීයට හැකිවිය.

අප සමඟ කළ මිනිත්තු 22ක දුරකතන සංවාදයේදී කතානායක අශෝක රන්වලගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ඔහුගේ මූලික උපාධිය ලබා ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ද යන්න පිළිබඳව ය.

“එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමන් නැහැ ඒක.”

එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මුලික උපාධිය සඳහන් කරන්නේ කෙසේ දැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රන්වල කියා සිටියේ, “ඒක මං ඔයාට ලියල එවන්න ද” යනුවෙනි.

කතානායක අශෝක රන්වලගේ දේශපාලන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කරන ෆේස්බුක් ගිණුමේ (තහවුරු නොකළ) ඔහු පිළිබඳ සඳහන් තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් ඉන් අනතුරුව විමසීමක් කළේය.

“නැහැ. තාම ඔෆීෂයල් පේජ් එක හදලා නැහැ. එක එක්කෙනා මගේ වෙනුවට හදපුව තමා ඒවා.”

“ඒ දවස්වල මම ෆැකල්ටි එකේ ලොකු වැඩ කොටසක් කළානේ. පක්ෂයේ වැඩ කොටසක් කළානේ ෆැකල්ටි එකේ. ඒවත් එක්ක තමා ඔය දාලා තියෙන්නේ.” අශෝක රංවල කියා සිටියේය.

අශෝක රන්වලගෙන් බීබීසී සිංහල නැවත විමසා සිටියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ලෙස හැඳින්විය හැකි ද යන්න පිළිබඳව ය.

“ඒක උපාධියක් නෙමේ.ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ.”

“පෙට්‍රෝලියම් එකේ දන්න අය තමා ඔය කියන්නේ, [ඔහුට චෝදනා නඟන්නන්] පෙට්‍රෝලියම් එකේ රසායනික ඉංජිනේරුවා නෙමෙයි නේ මම”

“පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ.[උපාධිය] ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ.”

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ ඔහු කුමන ධුරයක් දැරූවේ දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේය.

“මම කාර්මික නිලධාරී විදිහට හිටියේ.”

බීබීසී සිංහල අනතුරුව ඔහුගෙන් විමසා සිටියේ ඔහුගේ දැන් විවාදයට තුඩු දී ඇති ආචාර්ය උපාධිය පිළිබඳව ය.

එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බව ය.

එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල එහි දී පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.

“ඒක කළේ….අසූ…අනූ හයේ වගේ.”

කෙසේ නමුත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බීබීසී ය විමසා සිටි කරුණු සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු එවීමට පොරොන්දු වූ කරුණු , කතානයක අශෝක රන්වල මේ දක්වා ගත වූ දින 14 තුළ අප වෙත එවා නැත.

ඒ සම්බන්ධයෙන් යළි දුරකතන ඇමතුමක් දෙන බව ඔහු අප වෙත පැවසුව ද මේ දක්වා අප වෙත දුරකතන ඇමතුමක් ලබා දී නැත

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන