රජයේ ගබඩා ඇරගෙන සිටියත් ගොවීන් වී නොදෙති..

නැගෙනහිර පළාතේ මේ වන විට බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළමින් පවතින බැවින් එම ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය සතියේ සිට රජයේ වී ගබඩා විවෘත කර තිබුණ ද මේ වන තෙක් කිසිදු ගොවියකු ඒවාට වී ලබා දී නොමැත.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලය, තඹලගමුව, කන්තලේ යන ගබඩා විවෘත කර ඇතැයි ද මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ගබඩාව විවෘත කර ඇතැයි ද වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) අජිත් ශාන්ත කුමාර මහතා පැවසීය.

අස්වනු නෙළන ආරම්භක අවධිය මේ කාලය නිසා වී ගොවීන් බොහෝ දෙනෙකු සිය අස්වනු පෞද්ගලික වෙළෙඳුන්ට ලබා දීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ද ප්‍රාදේශීය කළමනාකාරවරයා කීවේය.

මෙවර වී මිලදී ගැනීම ප්‍රමිතියෙන් යුක්ත නාඩු වී කිලෝවක් රුපියල් 120කට ද සම්බා වී කිලෝවක් රුපියල් 125 කට ද සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව බවද හෙතෙම කීවේය.

මහා වාරි පද්ධතිවල අස්වැන්න නෙළීම ආරම්භ වීමත් සමග වී අලෙවි මණ්ඩලයට ගොවින් වී ලබාදෙනු ඇති බව තමන්ගේ විශ්වාසය යැයි ද ප්‍රාදේශීය කළමනාකාරවරයා තවදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව