හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෙසු දියණියන් දෙදෙනා වන චමිත්‍ර ජයෂිකා රඹුක්වැල්ල සහ අමාලි නයෂිකා රඹුක්වැල්ල යන අයත්, ඔහුගේ බෑණා වන ඉසුරු පුලස්ති යන අයත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුව සිදුකර ඇත්තේ 2025 ජුනි 19 වන දින පෙරවරුවේදීය. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධීකරණය සම්බන්ධ චෝදනාවක් යටතේ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීය.











