උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට 378 දෙනෙකුට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම අද සිදු වනවා.

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම පත්වීම් ප්‍රදානය පෙරවරු 9යි 30ට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 378 දෙනෙකු සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ පත්වීම් පිරිනැමීමට කටයුතු කරන බවයි සොෟඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව