ඩයනා කුමරියගේ ඇඳුම් ආයිත්තම් වෙන්දේසියට

ලොව පුරා ජනතාවගේ ආදරයට පාත්‍ර වී සිටි බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය භාවිතා කළ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබේ.

ඒ කැලිෆෝනියාවේ සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම විසිනි.

වේල්සයේ කුමරිය කියූ පමණින් ඔබේ මතකයට නැගෙන්නේ බ්‍රිතාන්‍යයේ වත්මන් රජු වන තෙවැනි චාල්ස් රජුගේ බිරිඳව සිටි ඩයනා කුමරිය යි.

ඇය 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා ප්‍රංශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත්තේය.

දැන් ඩයනා කුමරිය පිලිබඳ කතාබහ නැවතත් කරළියට පැමිණ තිබේ.

ඒ ඩයනා කුමරියට අයත්ව තිබූ ඇඳුම් ආයිත්තම් කිහිපයක් වෙන්දේසියට තැබීමට සුප්‍රකට ජූලියන් වෙන්දේසි සමාගම සැලසුම් කිරීමත් සමඟින්.

ප්‍රින්සස් ඩයනාස් ස්ටයිල් ඇන්ඩ් අ රෝයල් කලෙක්ෂන් ලෙස නම් කර ඇති මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූනි මස 26 වැනිදාය. 

ඒ කැලිෆෝනියාවේ පෙනින්සුලා බෙවර්ලි හිල්ස් නම් තරු පන්තියේ හෝටලයකය.

ඩයනා කුමරිය විසින් අඳින ලද අලංකාර ගවුම්, ඇය විසින් පලදින ලද තොප්පි හා පාවහන් මෙන්ම ඇය භාවිතා කල මිල අධික අත් බෑගයන් ආදී අයිතම 100ක් සඳහා ලංසු තැබීමට හා ඒවා මිලදී ගැනීමට ගැනුම්කරුවන්ට මෙහිදි අවස්ථාව හිමිවෙයි.

ජූලියන් වෙන්දේසි සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ සම නිර්මාතෘ මාටින් නෝලන් පවසන පරිදි, ඩයනා කුමරියට අයත් ව තිබූ භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් එකවර වෙන්දේසි කරන පලමු අවස්ථාව මෙයයි.

වෙන්දේසියට තබා ඇති භාණ්ඩ අතර සුවිශේෂි අයිතම කිහිපයක් ද වේ.

1988 වසරේ නිපදවන ලද ‘කෙයාරින් ඩ්‍රෙස්’ නමින් හඳුන්වන නිල් පැහැති සිල්ක් ගවුම ඉන් එකක්. 

එය ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ත් – 3ත් අතර මුදලකට අලෙවි වනු ඇතැයි වෙන්දේසි සමාගම පවසයි.

1995 වසරේදී එවක ප්‍රංශ ජනපති ආර්යයාවගෙන් තෑගි ලෙස ඩයනා කුමරියට ලැබුණ ඩීඕ අත් බෑගයද, මංගල ඇඳුමින් සැරසී සිටින ඩයනා කුමරියගේ ඡායාරූපයක් මෙන්ම දෙවැනි එළිසබෙත් රැජින ඇතුලු බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙනත් සාමාජිකයන්ට අයත් තවත් අයිතම කිහිපයක්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.    

මෙම වෙන්දේසියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් බ්‍රිතාන්‍යයේ මස්කිවුල ඩිස්ට්‍රොෆී සමාජ අරමුදලට බැර කරන බවයි ජූලියන් වෙන්දේසි සමාගම පවසයි.

අදාළ භාණ්ඩ ජූනි 17 වැනිදා දක්වා පූර්ව ප්‍රදර්ශනය සඳහා තබා තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන