දෙවිනුවර ශ්රී විෂ්ණු දේවාලය ඉදිරිපිට දී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් එළැඹෙන 29 දක්වා රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද (23) අවසර ලබා දී ඇති බවට වාර්තා වේ.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන සිටියි.
ඔවුන් මාතර වැඩබලන මහෙස්ත්රාවරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම අවසරය ලබා දී ඇත.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











