පක්‍ෂ තනතුරුවලින් තිස්ස සහ රංජිත් ඉවත්විය යුතුයි – සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය කියයි,

සමඟි ජන බලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන හමු පවත්වමින් පාක්‍ෂිකයින් දැනුවත් කරමින් මැතිවරණය ජයග්‍රහණය කරවීම සදහා විශාල වැඩ කොටසක් සිදු කරන බවට සජිත් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික උපුල් මහතා අද 10දා අප  වෙත ප්‍රකාශ කර සිටීයා.

පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය සහ සමඟි ජනබලවේග පක්‍ෂය එකතුවීම සම්බන්ධයෙන් දෙපාර්ෂවයේ නියෝජිතයින් අතර සාකච්ඡා සිදු කර එම සාකච්ඡා අසාර්ථකවී ඇති පසුබිමක එහි මූලිකත්වය ගෙන කටයුතු කළ පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුගාමකයින් ලෙස කටයුතු කරන බවට ඔවුන් චෝදනා කරන බවට ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටී. 

වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 40ක් නියෝජනය කරනු ලබන සමඟි ජන බලවේග පක්‍ෂය ආසන 01ක් පමණක් ලබා ඇති එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක් නොවිය යුතු බවත් පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත්වී ජයග්‍රහණය කළ නොහැකි බවත් එම තනතුරු සඳහා නවක මන්ත්‍රීවරුන්ගේ නියෝජනයක් අවශ්‍ය බවට ඔවුන් පවසයි.

පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටියදී, මුදල් අවභාවිතා කළ බවට ඔවුන් චෝදනා කරමින් ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර දේශපාලන පලි ගැනීමක් ලෙස පක්‍ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු අඩාල කරවීමේ කූඨ කුමන්ත්‍රණයක නියැලී සිටින බවට චෝදනා කරයි. 

ඒ අනුව සමඟි ජනබලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බොරු චෝදනා ගොණු කර, ඔහුගේ ඉදිරි දේශපාලන ගමන්මග බිඳ දැමීමේ කූඨ උපක්‍රමය ආණ්ඩුව විසින් දියත්කළ හොත් ඉදිරියේදී ඊට එරෙහිව මහජනතාව පෙළ ගස්වන බවට පවසා සිටී.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන