අඩු කරනවා කිව්ව තෙල් මිලයි විදුලි බිලයි කෝ

වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල විදුලි බිල තෙල් මිල ගැන සුරංගනා කතා කියූ බවත් තෙල් මිල වැඩි වන්නේ කොමිස් සහ අනවශ්‍ය බදු නිසා බවට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) අරණායක පැවැති ජන හමුවක් අමතමින්

ඒ අනුව බලයට පැමිණි පසු විශාල ප්‍රමාණයකින් තෙල් මිල අඩු කරන්න හැකි යැයි කිව්වත් තවමත් අඩු නොවූ බවත් විදුලි බිල ද තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් තවමත් වුනේ නැති බවත් ඔහු එහිදී කියා සිටියා

එමෙන්ම තෙල් මිල සූත්‍රය අයින් කර ජනතාවාදී සූත්‍රයක් ගෙන එනවා කිව්වත් තවමත් එවැනි දෙයක්වත් ගෙනවිත් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ

සමගි ජන බලවේගය හැමෝම එකතු කර ගත් ගමනක් යන බවත් වෙනත් පක්ෂ මෙන් කොළඹ 7 තරු හෝටල් ඇතුලේ නායකයෝ ඇති කර ගන්නා ගිවිසුම් නොව මහපොලොවේ ජීවත් වන මිනිසුන් සමග ඇති කර ගන්නා ගිවිසුම් බවත් ඔහු කියා සිටියා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව