හොර තුවක්කු, බෝම්බ අල්ලා දුන්නොත් තෑගි මුදල් වැඩි කරයි

මෑත කාලීනව වාර්තා වූ අපරාධ සම්බන්ධව සලකා බැලීමේදී දිවයින තුල නීති විරෝධී ගිනි අවි සහ අත් බෝම්බ තව දුරටත් සංසරණය වන බව නිරීක්ෂණය වන බැවින් අපරාධ මැඩපවත්වා මහජනතාවට අපරාධ බියකින් තොරව ජීවත් විය හැකි සාමකාමි පරිසරයක් බිහි කිරීම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සැලසුම් කර ඇත.

මෙහි එක් පියවරක් ලෙස නීති විරෝධී ගිනි අවි හා අත් බෝම්බ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරමින් පවතින අතර, ඒ සඳහා සියළු පොලිස් නිලධාරින් හා පුද්ගලික ඔත්තුකරුවන් දිරි ගැන්විමට පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවනු ලබන ත්‍යාග මුදල පහත පරිදි වැඩිකිරීමට තීරණය කර ඇත.

එමෙන්ම මෙම ගිනි අවි හා අත් බෝම්බ සම්බන්ධ තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන අතර මේ සම්බන්ධව තොරතුරු වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව