නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක්

නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙන්නේ.

ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම ලෙස රහසිගත අයුරින් මෙම මත්පැන් තොගය සගවා තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරුවෙකු වශයෙන් සේවය කළ 59 හැවිරිදි මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා.

මෙම විදේශීය මත්පැන් තොගය කොල්ලුපිටිය සහ කොට්ටාව යන ප්‍රදේශවල රාත්‍රී සමාජ ශාලා වෙත රැගෙන යාමට සූදානම් කර තිබූ බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වී තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව