කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15 ) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය.
ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% ක් වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.
පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක, භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉංජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.
මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.
නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර , පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන