හෙට සිට නොරොච්චෝලේ වැඩ

හෙට (13) දිනය වන විට නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.

පස්වරු 3.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ සැලසුම් කළ විදුලිය සැපයුම කළමනාකරණය සිදු කෙරෙනු ඇති.

ඒ අනුව සෑම කලාපයකම පැය 01 යි විනාඩි 30 ක කාලයක් විදුලිය සැපයුම කප්පාදු  කෙරෙනු ඇති.

ඒ සඳහා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා දුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ ය.

ඒ අනුව A B C සහ D යන කලාපවලට පස්වරු 3.30 සිට 5.30 දක්වා කාලය තුළ පැය එක හමාරක විදුලි කප්පාදුවක් සිදු වෙනු ඇති.

E F G H U සහ V කලාපවලට විදුලිය විසන්ධි කෙරෙන්නේ පස්වරු 5.00 ත් 7.00 ත් අතර කාලය තුළයි.

I J K L P සහ Q යන කලාපවලට පස්වරු 6.30 ත් 8.30 ත් අතර කාලය තුළ පැය එක හමාරක් විදුලිය විසන්ධි කර තැබේ.

R S T සහ W කලාපවලට පස්වරු 8.00 සිට 10.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇත.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව