නාමල්ට නොතීසි..!

කොළඹ මහාධිකරණය විසින් ,රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ,නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මෙම නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළේය.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනාව වලින් චෝදනා එල්ල කර තිබේ.

ඉකුත් යහ පාලන රජය සමයේ, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සහ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන පැවැත්වා ඇත.

මෙම සිද්ධියට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් මීට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබුණි.

එම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව