අතුරුදන් වූවන්ගේ ඥාතීන් යාපනේ දී විරෝධතාවයක

නිදහස් දිනය වන අද (04) දිනයේ දී උතුරු ජනතාව එම ප්‍රදේශයේ තැනින් තැන කළු කොඩි ඔසවා විරෝධතාවයක නිරත විය.

තමන්ගේ අතුරුදන්වූ ඥාතීන් නොමැතිවීම හා උතුරේ අහිමි වූ සිය ඉඩම් නොමැතිව ඔවුන්ට නිදහසක් නොමැති බව පවසමින් උතුරු ජනතාව මෙලෙස කළු කොඩි ඔසවමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

එලෙසම යාපනය විශ්වවිද්‍යාලයේ ද කළු කොඩි ඔසවා කළු පටි පැළඳගෙන එම සිසුන් විරෝධතාවක නිරත විය.

විරෝධතාවයට එක්වූ අතුරුදන්වූවන්ගේ ඥාතීන් පැවසුවේ යුද්ධය නිමාවී වසර 16ක් ගතවී ඇතත් තමන්ගේ අතුරුදන් වූ ඥාතීන් සම්බන්ධව කිසිදු තොරතුරක් නොමැති බවය.

එමෙන්ම වර්තමාන පාලකයින් හරහාද අතුරුදන්වූන්ගේ ගැටළුවලට නිසි පිළිතුරක් නොලැබෙන බව පෙනී යන බවත් වර්තමාන පාලකයින්ද ජනතාව රවටමින් සිටින බවත් ඔවුන් චෝදනා කර ඇත.

මෙම විරෝධය සඳහා සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්,ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව සිටියහ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව