සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අත්වැල් බැඳගනිමු – අග්‍රාමාත්‍යවරියගේ නිදහස් දින පණිවිඩය

මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි ඉල්ලා සිිටින බව බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය සිය නිදහස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.


සෑමදෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ සියලු දෙනාගේ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනඟන බවට පොරොන්දු වන බවද අග්‍රමාත්‍යවරිය සිය නිදහස් දින පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරිය විසින් නිකුත්කළ එම සුබ පැතුම් පණිවිඩය මෙසේයි.


සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව, යුක්ති ගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත් වීමේ අයිතිය තහවුරු කර දීමයි. එසේම සැබෑ නිදහස තහවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ හෝ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත්වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතුව ඇත. එවිට සමාජය තුළින්ම සාධාරණත්වය පිළිබිඹු වේ.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇත. සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට අප ඔබට පොරොන්දු වෙමු.

එසේම මෙම ‍ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදු කිරීමට අප සියලු දෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි මම ඉල්ලා සිටිමි.

ආචාර්ය හරිනි අමරසූරිය.
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව