චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටියන් පිරිසක් සොයා ගැනේ

චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් සිදුකර තිබේ.

ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව