අපරාධ කල්ලි මඩින්න STF

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩපැවැත්වීමේ අරමුණින් අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබේ. 

මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07 ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් බව සඳහන්.

පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩපැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේය. 

පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට අමතරව අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව