දැඩිව පරීක්‍ෂා කල යුතු රතු ලේබල් බහාළුම් සිය ගණනක් කිසිදු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිට කරලා..

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජය මහතා පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවයි.

මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඔ්නෑම නීති විරෝධී ද‍්‍රව්‍යයක් තිබිය හැකි බවද කියා සිටී.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තවදුරටත් පැවසුවේය.

රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද දිනයේ තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන