රුපියල් 76,000 සිට රුපියල් 320ක දක්වා අඩුවී ඇත්තේ පිළිකා සදහා භාවිතා කරන ඖෂධයක් නොව හෘද රෝගීන්ගේ සැත්කම් සදහා පමණක් භාවිතා කරන ඖෂධයක් බව ජාතිත ඖෂධ නියාමන අධිකාරියේ ප‍්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා සඳහන් කරයි.
නමුත් එම මිල ඖෂධ නියාමන අධිකාරිය විසින් ලබා දුන් නිර්දේශයක් පමණක් බවද පැවසූ ඔහු මේ වනතෙක් එම මුදලට ඖෂධ මිලදී ගැනීමක් සිදු කර නැති බවද කියා සිටී.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.











