මහනුවර – මහියංගන මාර්ගය නැවත දැනුම් දෙනතුරු රාත්‍රී කාලයේදී වසා දැමේ

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මතුවූ අවදානමක් හේතුවෙන් 18 වංගුව මාර්ගය වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම පස්වරු 6:00 සිට පෙරවරු 6:00 දක්වා ගල් පෙරලීමේ අවදානම හේතුවෙන් එම මාර්ග කොටස වසා තබන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත මහතා සඳහන් කරනවා.

මේ වනවිට හුන්නස්ගිරිය කහටගොල්ල ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයට ගල් පෙරළී ඇති බව‍යි, වැඩිදුරටත් අදහස් පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

තවදුරටත් ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් මාර්ගය තාවකාලික වසා දැමීමට පියවර ගැනුණි. අවදානම් සහිත ගල් ඉවත් කිරීමෙන් අනතුරුව නැවත මාර්ගය විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

කෙසේවෙතත් දහවල් කාලයේ වුවද මාර්ගයට ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් දහවල් කාලයේ මෙම මාර්ගය භාවිත කරන රියදුරන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතු බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව