අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජයමුණි සොයිසා අද අධිකරණයට

ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද (20) බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

එකලස් කරන ලද ලොරි රථයක් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

ඒ අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් හිටපු අමාත්‍යවරයා ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ – මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව