ප්‍රදේශ රැසක් දැඩි අවධානමක. වහාම අනතුරු ඇඟවීමේ නිවේදන 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ව්ප්‍රදේශ කිහිපයක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුත් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.  අද (19) පස්වරු 4 සිට හෙට (20) පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බව‍යි එම සංවිධානය පැවසුවේ.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, රත්තොට, විල්ගමුව, උකුවෙල යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

එමෙන්ම, බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර සහ හාලි ඇල යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත් මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, පන්විල සහ මැදදුම්බර ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහාත් මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරළය, ලග්ගල, පල්ලේගම, නාඋල, පල්ලේපොල සහ මාතලේ යන ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාස සඳහා 1 වන මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් නිකුත් තිබේ.  

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව