බොරු ආචාර්ය පට්ටම් ගැන CID ය ගත් පියවර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී ඇත. ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි දෙවන අවස්ථාව මෙය බව සදහන්ය.

එනම් මෙලෙස, පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේකම් කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේය.

මෙම තත්ත්වය තුළ ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත. කෙනේ නමුත් මීට පෙර පාර්ලිමේන්තු නිලධාරීන් 08 දෙනෙකු පමණ එම දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් වූ බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා පැමිණිල්ලක් සිදු කළේය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව