සෞඛ්‍ය ඇමති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා

ඒ අනුව එහිදී අමාත්‍යවරයා එහි මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ අතර එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳව කාර්ය මණ්ඩලය සමඟ සුහද සාකච්ඡාවකද නිතර වුණා

ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලු සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය සෑම විටම පෙනී සිටින බව ද ප්‍රකාශ කළා

මීට අමතරව, ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීමේ වැඩපිළිවෙල පිළිබඳවත් ඉදිරියේදී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව