ජනපති චීනයට.. එළැඹෙන ගිවිසුම් හත මෙහෙමයි..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනපති ෂී ජින්පින් මහතාගේ ආරාධනාවක් මත චීනයේ සිවු දින නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිවු දින නිල සංචාරය හෙට (14) සිට 17 වැනිදා දක්වා සිදු කෙරනු ඇති බවත්, එහිදී ශ්‍රී ලංකාව සහ විනය අතර ආයෝජන, විදුලිබල ක්ෂේත්‍රය. ධීවර කර්මාන්ත සහ ආරථිකය ආවරණය වන පරිදි අවබෝධතා ගිවිසුම් 7 කට අත්සන් තැබීමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

අවබෝධතා ගිවිසුම්වලට අමතරව වින ජනාධිපතිවරයා සමග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සාකච්ඡා වටයද පැවැත්වීමට නියමිත බවත්, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කැපවීම් වලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා චීනය ලබාදී ඇති සහාය ඇතුළුව තවත් ද්වි පාර්ශ්වික වටිනාකමක් ඇති කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන අගමැති ලී කියැන්ග් සහ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ෂාඕ ලේදී මුණගැසීමට නියමිත බව ද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

යෝජිත අවබෝධතා ගිවිසුම්වලට කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය සහ තාක්ෂණය වැනි අංශ ද ඇතුළත් වන බව අමාත්‍ය හේරත් මහතා පැවැසීය.

එසේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහීනී ජාලය ඩිජිටල්කරණය කිරීමට චීනයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අතරමග නැවතී ඇති මාර්ග ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කිරීමට ද නියමිත බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසන ලදී.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන