දුම්රිය වර්ජන කැදවති…

දුම්රිය ස්ථානාධිපතිවරුන් 467ක පුරප්පාඩුව සහ වසර 12ක් තිස්සේ ලැබී නොමැති උසස්වීම් ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබා නොදුනහොත් ලබන 23යින් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් 1372ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ 905ක් පමණ බවද මීට පෙර පැවැත්වූ විභාගයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් 100ක් බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇතත් එම බඳවා ගැනීම් නොව නව බඳවා ගැනීම් සිදුකිරීමට විභාගයක්වත් පවත්වා නැති බවද සෝමරත්න මහතා පැවැසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර පහෙන් පහට උසස්වීම් ලබාදිය යුතු වුවත් 2013 සිට මේ දක්වා එම උසස්වීම් ලබාදී නැතැයිද ඔහු කීය. පවතින ගැටලු සම්බන්ධයෙන් ඊයේ වන තෙක් ප්‍රවාහන ඇමැතිවරයා සාකච්ඡාවක් පවා ලබාදී නැතැයිද එවැනි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් 23 වැනිදායින් පසු ගන්නා ක්‍රියාමාර්ගය කුමන එකක්ද යන්න ඉදිරි දිනවල සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන