මත්පැන්, දුම්වැටි ඉහල දැම්මේ පවුල් සතුටින් තියන්නයි.. ජනතා සෞඛ්‍ය ගැන හිතලයි..- මාලිමා මන්ත‍්‍රී

මත්පැන් හා දුම්වැටි වල බදු අනුපාතයන් ඉහළ දමන ලද්දේ මෙරට පවුල් කුටුම්බියන් සතුටෙන් තැබීම සඳහා බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මත්පැන් හා දුම්මැටි බදු වැඩි කළා කියා කිසිදු පවුලක බිරිඳක් අකමැත්ත දක්වා නැති බවයි.

මත්පැන් හා දුමැවැටි භාවිතා කරන අය ද ඒ හරහා සොයන්නේ සතුටක් වින්දනයක් බවද පැවසූ ඔහු එම සතුට හා වින්දනය වෙනත් ආකාරයෙන් ලබා දෙන වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය.

ක්ලීන් ශ්‍රී ලංකා යටතේද මෙරට ජනතාව සතුටින් තැබිය හැකි වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් පෙන්වා දෙයි.

මත්පැන් හා දුම්වැටි භාවිතය හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වයද පිරිහීමකට ලක්වෙන බවත් මෙම බදු වැඩි කිරීම හරහා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන