බැතිමතුන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමට අත්සන් තැබේ

මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමට ඊයේ (11) සෞදි අරාබියේ ජෙඩාහි අත්සන් කළේය.

සෞදි අරාබියේ හජ් උපඅමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබිණි.

එසේම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්‍රිත පහසුකම් මෙන්ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

මෙම අස්ථාවට ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය ෂෙයික් මුනීර් මුලෆ්ෆර්, රියාද්හි ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්. එස්. එම්. නවාස් සහ ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් මහ්ෆූසා ලෆීර් ඇතුළු පිරිසක් එක්වූහ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන