ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ, පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බවයි.
ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සදහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිණි අවි ජනවාරි මස 20 වන දින වන විට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවයි, අමාත්‍යංශය පැවසුවේ.
එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යලි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් විය.
එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින් ලබා දී තිබූ ගිනිඅවි යලි භාර දීමට තිබූ කාලය ජනවාරි 20 වන දින දක්වා දීර්ඝ කෙරුණි.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            











