මන්ත‍්‍රීට දුන් රජයේ වාහනයෙන් හරකුන්ට තණකොල අදී..?

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රජය විසින් ලබා දී ඇති බව කියන කැබ් රථයකින් තණකොළ ප්‍රවාහනය කරන පින්තුර පෙලක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.

ඔහු බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයකු බවද සටහන්වල පළවෙයි.

ගොවිපළක සිටින ගවයන් සඳහා මෙම තණකොළ ප්‍රවාහනය කරන බවද ඔවුන් කියා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජය වාහන බලපත්‍ර නිකුත් නොකරන අතර ඒ වෙනුවට රජය විසින් නඩත්තු කරන වාහනයක් ලබා දීමට සැලසුම් කර ඇත.

මෙතෙක් එය නිල වශයෙන් ක‍්‍රියාත්මක නැතත් ආණ්ඩු පක්‍ෂයේ බොහෝ මන්ත‍්‍රීවරුනට කිසියම් හෝ ක‍්‍රමයකට වාහන නිදහස් කිරීමක් සිදු කර තිබේ.

ඔවුන් ධුරයෙන් ඉවත් වූ පසුව එම වාහනය ආපසු රජයට භාරදිය යුතුය.

විපක්‍ෂ මන්ත‍්‍රිවරුන්ද පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පදනමින් ලබා දෙන සියළු වරප‍්‍රසාද සැමට සමාන ලෙස ලැබිය යුතු බැවින් වාහන සම්බන්ධයෙන්ද එසේ විය යුතු බවයි.

වාහන බලපත‍්‍රය ලබා නොදෙන්නේ නම් රජයේ වාහන ලබා දීමද සියළු මන්ත‍්‍රීවරුනට ක‍්‍රියාත්මක විය යුතු බව ඔවුන් අවස්ථා කිහිපයකදි සදහන් කර ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව