මුලතිව් වෙරළ තීරයෙන් ලක්ෂ 75 ක මඩු හසුවෙයි

මුලතිව් තිරුක්කායි මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙකුගේ දැලකට එකවර මඩු වර්ගයේ මසුන් රෑනක් කොටුවී කිලෝ 8000 කට අධික ප්‍රමණයක් හසුවී ඇති බවට මුලතිව් ධීවරයින් පවසති.

එසේ හසු වූ මඩු මාලු රුපියල් ලක්ෂ 75 කට අධික වටිනාකමින් යුතු බවටත් පසුව මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට වෙන්දේසි කිරීමට පියවර ගත් බවටද මුලතිව් ධීවරයින් පැවසීය.

අදාල ධීවරයාගේ දැලට මඩු මසුන් විශාල ප්‍රමණයක් හසු වීමත් සමග දැල ගොඩට රැගෙන ඒමට අසීරු වීමෙන් පසුව ප්‍රදේශයේ ධීවරයින් පිරිසක සහය වී ට්‍රැක්ටර් 4 ක් රැගෙනවිත් දැල ගොඩට ගැනීමට පියවර ගෙන තිබුණි.

ගොඩට ගත් දැලෙහි සිටි මඩු මසුන් තොගය එකවර වෙන්දේසි කිරීමට අදාල ධීවරයා පියවර ගත් අතර දකුණේ සිට මුලතිව් ගිය ව්‍යාපාරිකයින් පස් දෙනෙකු විසින් අදාල මඩු මසුන් තොගය රුපියල් ලක්ෂ 60 කට අධික මුදලකට මිලට ගෙන ඇත.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව