පාතාලයෙන් වරායේ අල ටෙන්ඩර් මගඩියක්.. අඩුවට අරන් වරායේදීම වැඩි මිලට විකුණයි..

විදෙස්ගත පාතාල නායකයන් මෙහෙයවන සංවිධානාත්මක කණ්ඩායම් වල මැදිහත්වීමෙන් අල කන්ටේනර් හතරක් අඩු ලන්සුවකට ටෙන්ඩරයෙන් ගෙන වැඩි මිලට වරාය තුළදීම විකුණා ඇතැයි වරාය ආරංචි මාර්ග පවසයි.

චීනයෙන් අර්තාපල් ආනයනය කළ පුද්ගලයන් මෙම කන්ටේනර නිදහස් නොකිරීම හේතුවෙන් වරාය අධිකාරියෙන් අර්තාපල් කන්ටේනර් හතර සඳහා ටෙන්ඩර් කැඳවා තිබුණේ ජනවාරි 1 වැනිදාය.

මෙහිදී අතරමැදි ගැනුම්කරුවන් මැදිහත්වී අල කිලෝවකට රුපියල් 120ක අඩු ලංසුවක් තබා ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිපදෙනකුගේද සහාය ඇතිව බව යැයි වරාය ආරංචිමාර්ග අනාවරණය කළේය.

මෙම සතියේ සතොස වෙළෙඳසල්වල ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 180ක්ද සිල්ලර මිල 210ක් වන අතරේ අඩු ලංසුවක් තබා මෙම කණ්ඩායම් විසින් ටෙන්ඩරය ලබාගෙන ඇත.

ඉන්පසුව සෙකන්ඩ් සේල් දමා වරායේදීම ව්‍යාපාරිකයන්ට වැඩි මිලකට විකුණා ඇතැයි හෙළිවී තිබේ.

පාතාල කල්ලිවල මැදිහත්වීමෙන් වරායේ සිදුකරන මෙවැනි දූෂිත ටෙන්ඩර් දිගින් දිගටම සිදුවීමෙන් රජයට ලැබෙන ආදායම් අහිමි වී යන බව සේවකයෝ පෙන්වා දෙති.

මෙම අල කන්ටේනර් හතර තුළ අල කිලෝ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් තිබී ඇත. මෙය රාජ්‍ය ආයතන වෙත මිලදී ගන්නේ නම් පාරිභෝගිකයන්ට සහන මිලකට දීමටද ඉඩ තිබුණු බව දූෂණයට එරෙහි නිලධාරීහු පෙන්වා දෙති.

මෙම ටෙන්ඩරය පාතාල කණ්ඩායම්වල බලපෑම මත අඩුමිලකට ලංසු තැබීමෙන් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් රජයට අහිමි වී ඇත.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන