බස් සහ ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලබා දිය යුතුයි..- නාමල්

යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බස් රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීම වෙනම කර්මාන්තයක් මෙන්ම කලාවක් බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනතාවට හානි නොවනවා නම් බස්රථ හා ත්‍රිරෝද රථ අලංකරණය කිරීමෙහි කිසිදු ගැටළුවක් නොමැති බවය.

එමෙන්ම මාර්ග නීති කඩ කිරීමට මෙන්ම ජනතාවට අපහසුතාවක් ගෙන දෙන ක්‍රියා සඳහා ඇති නීති එලෙසම ක්‍රියාත්මක කළ යුතු බව මන්ත‍්‍රීවරයා පැවසීය.

නමුත් ජනතාවට හානි නොවන ආකාරයේ අලංකරණ කටයුතුවල නිරත වී ඇති බස්රථවලට හා ත්‍රිරෝද රථවලට සහනයක් දෙන මෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මාර්ග බලපත්‍රවලට පිටින් හා බස්රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීම වරදක් නොවන බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන