පොලිසිය බස් ඇල්ලීම Clean Sri lanka නොවේ..

මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ 2020 වසරේ සිට 2024 දක්වා වන වසර පහ ඇතුළත රිය අනතුරු එක් ලක්ෂ දහ අටදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඒ අතරින් මාරක රිය අනතුරු එකොළොස් දහස් පන්සියයක් වාර්තා වී ඇති බවත් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව දොළොස් දහස් එකසියයක් බවත් ඇමැතිවරයා පැවසීය.

රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරාගැනීමේ වගකීමක් රජයට ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බව සඳහන් කළේය.

එහි මූලික පියවරක් ලෙස මීට අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ඇමැතිවරයා ඊට පෞද්ගලික බස් රථ අංශය පමණක් නොව පදිකයන්, පෞද්ගලික රියදුරන්, ලංගම බස් රථ රියදුරන් ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ බව පෙන්වාදුන්නේය.

මාර්ග පද්ධතිය ආශ්‍රිතව පවතින ගැටලු නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් නොවන බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සියලුම නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවරයන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග පටළවාගත යුතු නැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව