ඝාතන අඩුවක් නෑ… අදත් වෙඩිතබා දෙනෙකෙකු ඝාතනය කරයි…

අද දින අළුයම් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ වටරප්පල සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 36 ක්වූ සහ තුවාලකරු වයස අවුරුදු 20 ක් වන වටරප්පල පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන