මාලිමාව පරදී.. මාලිමා 30යි.. අනෙක් පිල 116යි..

සීමාසහිත වැලිවිටිය දිවිතුර නව විවිධ සේවා සමුපකාර සමිතියට කාරක සභා නියෝජිතයන් පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහයෝගය ලබා දුන් කණ්ඩායමට ජය ගැනීමට නොහැකි වී ඇත.

ඒ සදහා ඡන්ද විමසීමේදී 146 වන සමස්ත කාරක සභා පිරිසෙන් ජාතික ජනබලවේගට පත්වූයේ 30 දෙනකි.

ඡන්ද විමසීම පැවැත්විය යුතු සමස්ත ප්‍රාදේශික 17 අතුරින් නාමයෝජනා ලබා දීමේදී ප්‍රාදේශික 07 ක් සඳහා ඡන්ද විමසීමකින් තොරව නිතරගයෙන් කාරක සභා සාමාජිකයන් තේරී පත්විය.

ප්‍රාදේශික 10 සඳහා ඡන්දය පැවැත්වීම සිදුවිය.

ජාතික ජනබලවේගය සහාය දුන් 30 දෙනා හැර සෙසු සියලුම සභික පිරිස සියලු පක්ෂ එකමුතු වී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කලහ.

මහ සභාව නියෝජනය කිරීමට ඉන් 100 දෙනකු සුදුසුකම් ලබයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව