ඔලිම්පික් පදක්කම්වල මල බැඳිලා

ග්‍රීසියේ ඇතන්ස් හිදී අත්පොත් තැබූ ලොව පුරා මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයේ හිනිපෙත්ත වෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

පසුගිය, 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පැවැත්වුණේ පැරිස් නුවරදීයි.

නමුත් මෙම පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී පිරිනැමුණු පදක්කම්වල පැවැත්ම ගැන මේ වනවිට සමාජ කතිකාවතක් මතුවෙලා තියෙනවා

විශේෂයෙන්ම මේ පදක්කම් අවපැහැ වීම, කැළැල් ඇතිවීම , දිරාපත් වීමට පටන් ගැනීම යනාදී ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රංශයේ සුඛෝපභෝගී ස්වර්ණාභරණ සාදන්නෙක් වන Chaumet විසින් මේ පදක්කම් නිර්මාණය කර තිබෙනවා

මේ අතර, අයිෆල් කුළු‌ණෙන් ලබා ගත් යකඩ කැබැල්ලක් ද මේ පදක්කම්වලට ඇතුළත් කර තිබෙනවා.

ඒ සත්කාරක පැරිස් නගරයට කරන ආචාරයක් වශයෙන්.

ක්‍රීඩා උළෙලේ මීටර් 4×100 මිශ්‍ර සහය ඉසව්වෙන් ජයග්‍රහණය කළ ප්‍රංශ පිහිනුම් ක්‍රීඩක ක්ලෙමන්ට් සෙචි සහ යොහාන් එන්ඩෝයි-බ්‍රෝවාඩ් මෙම පදක්කම් ගැටලුව ගැන සඳහන් කර තිබෙනවා  

Secchi තමාට හිමි වූ  පදක්කමේ පෙනුම විස්තර කළේ එය “කිඹුලෙකුගේ සම” ට සමාන බව පවසමින්.

එක්සත් ජනපද ක්‍රීඩිකාවක් වන නයිජා හස්ටන් සහ බ්‍රසීලියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා රෙබෙකා ඇන්ඩ්‍රේඩ් ද මේ පදක්කම් ගැන සිය අතෘප්තිය ප්‍රකාශ කර ඇත්තේ , ක්‍රීඩා උළෙලෙන් මාස කිහිපයකට පසු සිය පදක්කම් අවපැහැ ගැන්වෙන බව අවධාරණය කරමින්  

කෙසේ නමුත් මේ පදක්කම් වෙනුවට වෙනත් පදක්කම් ලබා දෙන බවට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් පොරොන්දු වී ඇති බව  
විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන