වැඩ බැරි දේශපාලඥයන් බැරිකම වහගන්න අපට මාෆියාකාරයන් කියනවා..- ඩඩ්ලි

වැඩ බැරි දේශපාලඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි අඩුපාඩු වහගන්න තමන් වැනි ස්වොත්සාහයෙන් ගොඩනැගුනු මිනිසුන් එදා සිටම නොයෙකුත් කතා අහගෙන ඇතැයි අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

තම සමාජ ජාති ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

“එදා ඉඳන්ම වැඩ බැරි දේශපාලඥයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීන්ගෙ වැරදි අඩුපාඩු වහගන්න අපි වගේ ස්වෝත්සාහයෙන් ගොඩනැඟුණු මිනිස්සු නොයෙකුත් විදියෙ කතා අහගත්තා. ලෝකෙන්ම ලොකුම වී සයිලෝ ගබඩා පහසුකම තියන වී මෝල රටට දායාද කරලත්, ‘මාෆියාකාරයා’ කියන ලේබල් එක අලවගෙන, රට වෙනුවෙන් වැඩ කරන එකේ තෘප්තිය මම නොඅඩුවම වින්දා.

ඒත්, මම අද වගේම හෙටටත් රට වෙනුවෙන් වැඩ කරනවා. රට වෙනුවෙන් ආයෝජනය කරනවා. මොකද මම සහ මගේ පුත් දිමිත්‍ර ඇතුලු කණ්ඩායමට මේ රටට දෙයක් කරන්න ඕන කියන අවංක උණ තවමත් තියනවා”

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන