වන්දනා බස් රථ පොලිසියෙන් නවතයි.. අමතර කෑලි ගලවන්නැයි දන්වයි..

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පෞද්ගලික බස් රථ සහ වෑන් රථ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් (04) දින නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය ඉදිරිපිටදි හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

ක්ලිනින් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමිව මෙම පරික්ෂාව සිදු කල අතර, මෙම පරික්ෂාවේදි ශ්‍රි පාද වන්දනාකරුවන් පැමිණි පෞද්ගලික බස් රථ කිහිපයකම මගින්ට අන්තරාදායික ලෙස සවි කර තිබු අමතර කොටස් ගලවා ඉවත් කර යලිත් එම බස් රථ නෝටන්බ්‍රිජ් පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස බස් රථ වල රියදුරන්ට උපදෙස් ලබාදි බස් රථයේ ආදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණින.

ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන පැමිණි වෑන් රථද හදිසි පරික්ෂාවට ලක් කල අතර, එහිදි ඇතැම් වෑන් රථවල සවි කර තිබු අමතර විදුලි පහන් ගලවා ඉවත් කරන ලෙසටත්, ගෙවි ගිය වයර් වෙනුවට අලුතින් ටයර් සවි කරන ලෙසට පරික්ෂාවට එක් වි සිටි පොලිස් නිලධාරින් රියදුරන් වෙත උපදෙස් ලබා දි වෑන් රථ වලද අදායම් බලපත්‍රය පොලිස් භාරයට ගැණින.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව