සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති..

පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා පාලන මිලට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත විම හමුවේ සහල් අලෙවියෙන් කොටගල එක්සත් වෙලද සංගමය ඉවත් විමට තිරණය කර ඇති බව එම සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් මහතා පැවසිය.

හැටන් කොටගල නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් පාලන මිලට සහල් අලෙවි කරන ලෙසට කොටගල නගරයේ සියළුම වෙලදසැල් හිමියන්ව ලිඛිතව දැනුවත් කර ඇති බවයි.

පාලන මිලට සහල් අලෙවි නොකරන වෙලෙදුන්ට රු ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා දඩ මුදල් නියම කරන බවත්, එවන් තත්ත්වයක් මත තමන්ට සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගල විම හමුවේ කොටගල එක්සත් වෙලද සංගමය මෙම තිරණය ගත් බවද සභාපතිවරයා පැවසිය.

එළඹෙන තෛපොංගල් උත්සවයට වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව රතු සහ සුදු සහල් විශාල වශයෙන් මිල දි ගන්නා බවත්, රජය විසින් රතු සහ සුදු සහල් කිලෝවක් රු 220 ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කරන ලෙසට පාලන මිලක් නියම කර තිබියදි තමන්ට රතු සහ සුදු සහල් කිලෝවක් රු 295 තොග මිලකට පිටකොටුවෙන් ලබාදෙන බවත්, එවැනි මිලකට සහල් තොග වශයෙන් ලබාගෙන පාලන මිලට අලෙවි කල නොහැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.

තවද ආනයනික සහල් කිලෝවක් පිටකොටුවෙන් රු 235 ක් වැනි තොග මිලකට නිකුත් කරන බවත්, ප්‍රවාහන ගාස්තු සමග සැසදිමේදි පාලන මිලට ආනයනික නාඩු සහල් පවා සිල්ලරට අලෙවි කල නොහැකි බවයි පුෂ්පා විශ්වනාත් මහතා කියා සිටියේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව